බිරිඳ පැහැර ගත් සැමියා අත්අඩංගුවට

හලාවත මානුවන්ගම ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සමග ඇය පැහැර ගැනිමට සිදු කළ සැමියා හලාවත පොලිසියට භාරවී තිබෙනවා.

පසුගිය 19 වනදා සැමියා විසින් පැහැර ගනු ලැබූ ලක්වු 18 හැවිරිදි විවාහක තරුණිය මෙලෙස ඇයගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයා හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණ කාන්තාවගේ මව්පියන් විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව හලාවත මුලස්ථාන පොලිසියේ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණා.

එලෙස ගිය ද සැකකාර සැමියා සහ පැහැර ගැනීමට ලක් වූ තරුණිය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුගේ ඥාතියකු පොලිස් භාරයට ගනු ලැබුවා.

අනතුරුවයි සැකකාර තරුණයා තමන් පැහැර ගත බිරිඳ සමග පොලිසියට පැමිණ ඇත්තේ.

පොලිසිය සිදු කළ පරික්ෂණවලදී හෙළි වී අදාළ තරුණිය පැහැර ගැනීමෙන් පසු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර පැහැර ගැනීම අදාල තරුණයාගේ බාප්පා විසින් සැලසුම් කර ඇති බවටයි.

ඔහු අදාළ සැලසුම සකස් කර තරුණිය පැහැර ගැනීමට ද පැමිණ ඇතැයි සඳහන්.

පොලිසිය පවසන්නේ සැකකාර තරුණයාගේ බාප්පා හෙරොයින් ජාවාරම ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර එම චෝදනාවලට මෑතක දී බන්ධනාගාර ගතව පැමිණි අයෙකු ද වන බවටයි. එමෙන්ම ඔහු පතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වන අයකු බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මේ වන විට පැහැර ගැනීමට ලක් වූ තරුණිය රෝහල් ගත කර ඇති අතර ඇය බරපතල මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

තරුණිය මෙම සිද්දියෙන් පසු දැඩි බියකට පත්වි සිටින බවත් මෙය පැහැර ගැනීමක් නොවන බවට පොලිසියට පවසන ලෙසට ද සැකකරුවන් තර්ජනය කර ඇති බව ද සඳහන්.

පැහැර ගැනීමක් බවට පැවසුහොත් සිරගතව සිට පැමිණීමෙන් පසු ඇය සහ ඇගේ මව්පියන් මරා දමන බවටත් ඔවුන් තර්ජනය කර ඇති බවටයි තරුණිය පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන්ගෙන් තරුණියට හා ඇගේ මව්පියන්ගේ ජීවිතවලට ද තර්ජනයක් එල්ල වී ඇති බවයි.

පැහැර ගැනිමට සම්බන්ධ සැකකාර තරුණයාගේ පියා, බාප්පා ඇතුළු 5දෙනකු එක් වී ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරුවන් තරුණිය පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය කුලී පදනමට ලබා ගත් එකක් බවයි.

එය පොලිස් කොස්තාපල්වරයකු කුලී පදනමට වාහන ලබා දෙන ආයතනයකට ලබා දී තිබු එකක් බවට ද හෙළිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28