බිරිඳව ඝාතනය කර පාළු වත්තක සැග වී සිටි සැමියා පොලිස් දැලේ

තම බිරිඳගේ ගෙළ මිරිකා ඝාතනය කර සියදිවි හානිකර ගන්නා අරමුණින් පාළු වත්තක සැග වී සිටි පුද්ගලයෙක් මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් පසුගිය 09 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ බත්තුළුඔය, මහාමාඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි එක්දරු මවක්.

සැකකරු ඔහුගේ මිත්තණිය, දරුවා සහ බිරිඳ සමඟ එකම නිවසක වාසය කර ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය පානයට දැඩිලෙස ඇබ්බැහි වී සිටින අයෙක් බවයි වාර්තා වුණේ.

මොහු මීට පෙර මත්කුඩු සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මාස 03ක කාලයක් පුනරුත්ථාපන කඳවුරකට යොමුකර සිට ඇති බව සඳහන්.

එම කාලයේ දී ඔහුගේ බිරිඳ අසල්වැසියන් කීපදෙනෙකු සමඟ අනියම් සම්බන්ධතා පවත්වා ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

පුනරුත්ථාපන කඳවුරේ සිට ආපසු නිවසට පැමිණි තමන්ට බිරිඳ විසින් රාත්‍රී කාලයේ නිදිපෙති පානය කිරීමට දී වෙනත් පුරුෂයින් නිවසට ගෙන්වා ගන්නා බව අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලීසියට පවසා ඇති බව සඳහන්.

ඇතැම් දිනවල පිරිමි පුද්ගලයින් තම බිරිඳ සමඟ නිවස තුළ කථා බස් කරමින් සිටින බව ඇසුණු බව ද සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

පසු ගිය 09 වනදා රාත්‍රී කාලයේ කිසියම් ශබ්දයක් ඇසී තමන් ඒ සම්බන්ධයෙන් බිරිඳගෙන් විමසා සිටි විට දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවත්, එම අවස්ථාවේ දී තමන් බිරිඳගේ කට එක් අතකින් ද,ගෙළ අනෙක් අතින්ද තද කර ඝාතනය සිදුකළ බවද සැකකරු පොලිසිය හමුවේ පපොච්ච්රණය කර තිබෙනවා.

එම සිද්ධියෙන් පසුව රාත්‍රී කාලයේම නිවසින් තමන් පළා ගොස් සිය දිවි හානිකර ගැනීමේ අරමුණින් සැගවී සිටි බවයි සැකකරු පොලීසියට පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

  1. කුඩු මතට හෝ මත් පැන් වලට ඇබ්බැහි ඌවන්ට බිරිඳ දරුවන් මව සහෝදරියන් වෙනුවෙන් සෙනෙහසක් හදවතේ නූපදී අවසිහියෙන් දැවෙන්නාගේ බිරින්දෑවරු දරු දැරියන් ගේද මනදොල කුසගිනි සපුරා ගතයුතුය ඒවෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග බොහෝවිට ඔවුන්ගේ ජීවිත වලට කණකොකා හැඬූ බව වැටහෙන විට සියල්ල සිදුවී හමාරය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36