බිරිඳව ඝාතනය කර පාළු වත්තක සැග වී සිටි සැමියා පොලිස් දැලේ

තම බිරිඳගේ ගෙළ මිරිකා ඝාතනය කර සියදිවි හානිකර ගන්නා අරමුණින් පාළු වත්තක සැග වී සිටි පුද්ගලයෙක් මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් පසුගිය 09 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ බත්තුළුඔය, මහාමාඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි එක්දරු මවක්.

සැකකරු ඔහුගේ මිත්තණිය, දරුවා සහ බිරිඳ සමඟ එකම නිවසක වාසය කර ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය පානයට දැඩිලෙස ඇබ්බැහි වී සිටින අයෙක් බවයි වාර්තා වුණේ.

මොහු මීට පෙර මත්කුඩු සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මාස 03ක කාලයක් පුනරුත්ථාපන කඳවුරකට යොමුකර සිට ඇති බව සඳහන්.

එම කාලයේ දී ඔහුගේ බිරිඳ අසල්වැසියන් කීපදෙනෙකු සමඟ අනියම් සම්බන්ධතා පවත්වා ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

පුනරුත්ථාපන කඳවුරේ සිට ආපසු නිවසට පැමිණි තමන්ට බිරිඳ විසින් රාත්‍රී කාලයේ නිදිපෙති පානය කිරීමට දී වෙනත් පුරුෂයින් නිවසට ගෙන්වා ගන්නා බව අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලීසියට පවසා ඇති බව සඳහන්.

ඇතැම් දිනවල පිරිමි පුද්ගලයින් තම බිරිඳ සමඟ නිවස තුළ කථා බස් කරමින් සිටින බව ඇසුණු බව ද සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

පසු ගිය 09 වනදා රාත්‍රී කාලයේ කිසියම් ශබ්දයක් ඇසී තමන් ඒ සම්බන්ධයෙන් බිරිඳගෙන් විමසා සිටි විට දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවත්, එම අවස්ථාවේ දී තමන් බිරිඳගේ කට එක් අතකින් ද,ගෙළ අනෙක් අතින්ද තද කර ඝාතනය සිදුකළ බවද සැකකරු පොලිසිය හමුවේ පපොච්ච්රණය කර තිබෙනවා.

එම සිද්ධියෙන් පසුව රාත්‍රී කාලයේම නිවසින් තමන් පළා ගොස් සිය දිවි හානිකර ගැනීමේ අරමුණින් සැගවී සිටි බවයි සැකකරු පොලීසියට පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

  1. කුඩු මතට හෝ මත් පැන් වලට ඇබ්බැහි ඌවන්ට බිරිඳ දරුවන් මව සහෝදරියන් වෙනුවෙන් සෙනෙහසක් හදවතේ නූපදී අවසිහියෙන් දැවෙන්නාගේ බිරින්දෑවරු දරු දැරියන් ගේද මනදොල කුසගිනි සපුරා ගතයුතුය ඒවෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග බොහෝවිට ඔවුන්ගේ ජීවිත වලට කණකොකා හැඬූ බව වැටහෙන විට සියල්ල සිදුවී හමාරය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04