බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු ප්‍රහාරයකින් ජිවිතක්ෂයට..

කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුට අනුරාධපුර ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නවම් මාවතේ පිහිටි Salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිත්ක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුරය, ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි තරුණියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම තරුණියගේ සහෝදරයා සමග බහින්බස් වීමක් සිදුව ඇත. 

පසුව එහිදී එම තරුණියගේ සහෝදරයා විසින් මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තරුණියගේ මව විසින් සඳහන් කර ඇත්තේ අදාළ කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු සමග කතා කරමින් සිටි දියණිය ” අයියා මාව බේර ගන්න” කියමින් කෑගැසූ බවයි. එහිදී තමන් ඇතුළු පිරිස දියණියව නිවස තුල රඳවා ගෙන සිටි බවත් ටික වෙලාවකට පසුව ගොස් බලන විට ව්‍යාපාරිකයා බිම වැටී සිටින අයුරු දුටු බවයි.

තියුණු ආයුධයෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේදී මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු විසින් සිය බිරිඳගේ උපන්දිනය දා බෙන්ස් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් තෑගී වශයෙන් ලබාදුන් අතර එය මෙරට සමාජ මාධ්‍ය තුල සිඝ්‍රයෙන් ප්‍රචලිත විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39