spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳට තලා ගෙයත් අවුළුවා ගමෙන් පැන්න ග්‍රාම සේවක අත්අඩංගුවට

තම නිවසට ගිනි තැබූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියේ තිබූ ඉන්ධන ඉස මෙලෙස නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් මත ඔහු මෙලෙස නිවසට ගිනි තබා ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරියෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය බිරිඳට පහර දී නිවසට ගිනි තබා පලාගොස් සිටිය දීයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (08) දිනයේ මිනුවන්ගොඩ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ තවත් නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?