බිරිඳට තලා ගෙයත් අවුළුවා ගමෙන් පැන්න ග්‍රාම සේවක අත්අඩංගුවට

තම නිවසට ගිනි තැබූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියේ තිබූ ඉන්ධන ඉස මෙලෙස නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් මත ඔහු මෙලෙස නිවසට ගිනි තබා ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරියෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය බිරිඳට පහර දී නිවසට ගිනි තබා පලාගොස් සිටිය දීයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (08) දිනයේ මිනුවන්ගොඩ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ තවත් නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03