බිරිඳගේ පොරෝ පහර සැමියාට මරු කැඳවයි

වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේ දී පොරවකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (15) පෙරවරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම පුද්ගලයා බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී බිරිඳ විසින් සැමියාට පොරවකින් පහර දී ඇති අතර, එහිදී එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වාලච්චේන පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 46ක වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

වයස අවුරුදු 42ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18