spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳගේ පහරදීමෙන් සැමියා ජීවිතක්ෂයට

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේදී කාන්තාවක් කළ පහරදීමකින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී සැකකාරියගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භවී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඔහු සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ විසින් ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

42 හැවිරිදි සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිස්සමහාරාම පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?