බිරිඳගේ පහරදීමෙන් බීමත් සැමියා මරුට

නුවරඑළිය විජිතපුර ප්‍රදේශයේදී කාන්තාවක් විසින් කළ පහරදීමකින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (23) රාත්‍රී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකාර කාන්තාව තියුණු ආයුධයකින් පහරදී සැමියා ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

මියගොස් ඇත්තේ විජිතපුර ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අධික ලෙස බීමත්ව නිවසේ සිට ඇති අතර බිරිඳ රැකියාව අවසන් කර රාත්‍රී නිවසට පැමිණීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවී තිබෙනවා.

එහිදී මියගොස් ඇති සැමියා විසින් බිරිඳට පහරදීමක් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියා ඝාතනය කර තිබෙනවා.

මෘත ශරීරය එම ස්ථානයේම තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

අවුරුදු 32ක් වන සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15