spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳගේ නැගණියව මස්සිනා ගැබිණියක් කරලා

සිය බිරිඳගේ, වයස අවුරුදු පහලොවක නැගණිය ගැබිණියක් කළ පුද්ගලයෙක් පිළිබඳව මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවල දී සැකකරු ඇයව පාලු ස්ථානවලට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සැක සිතී සැකකරුගේ බිරිඳ ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවල දී දෙදෙනා අතර ආරවුල් ඇති වී තිබෙනවා.

මීට මාස කීපයකට පෙර පහලොස් හැවිරිදි දැරිය සහ සැකකරු නිවසින් අතුරුදන් වී ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් බිරිඳ විසින් පුදුකුඩීඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය සිදු කළ විමර්ශනවල දී දෙදෙනා අඹු සැමියන් වශයෙන් නිවසක ජීවත් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී දැරිය පරීක්ෂා කළ මුලතිව් රෝහලේ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව සනාථ කොට තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
7
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?