බිරිඳගේ නැගණියව මස්සිනා ගැබිණියක් කරලා

සිය බිරිඳගේ, වයස අවුරුදු පහලොවක නැගණිය ගැබිණියක් කළ පුද්ගලයෙක් පිළිබඳව මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවල දී සැකකරු ඇයව පාලු ස්ථානවලට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සැක සිතී සැකකරුගේ බිරිඳ ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවල දී දෙදෙනා අතර ආරවුල් ඇති වී තිබෙනවා.

මීට මාස කීපයකට පෙර පහලොස් හැවිරිදි දැරිය සහ සැකකරු නිවසින් අතුරුදන් වී ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් බිරිඳ විසින් පුදුකුඩීඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය සිදු කළ විමර්ශනවල දී දෙදෙනා අඹු සැමියන් වශයෙන් නිවසක ජීවත් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී දැරිය පරීක්ෂා කළ මුලතිව් රෝහලේ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව සනාථ කොට තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11