බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතියත් පසෙක තබා මහජන සේවයට ජීවිතය කැපකල චිචී

කොතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද තමන් ගම්මානවලට පැමිණ සංවර්ධන කටයුතු සඳහා දායක වන්නේ ජනතාවට සේවය කිරීමට ඇති වුවමනාව නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

“මගෙ දෙවැනි දරුවා අද හෝ අද රාත්‍රියේ ඉපදෙන්න තියෙන හින්දා කලින් යන්න ඕනෙ. අද බොහොම අමාරුවෙන් කාලය වෙන් කරන් ආවෙ. ඇත්තටම කාර්ය බහුල සහ ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් අපි ඒක පැත්තක දාලා අපි තමුන්නාන්සෙලාට සේවය කිරීමේ අවශ්‍යතාවය තියෙන නිසා තමයි අපි මේ ගම්මානවලට ආවෙ.

ඇත්තටම අපට දැන් මාධ්‍ය තුළින් සහ සමාජ මාධ්‍ය තුළින් සෑහෙන්න බැණුම් අහන්න වෙලා තියෙනවා. ඒ කියන්නෙ අපි රජයක් වශයෙන් සහ ජනාධිපති වශයෙන් කිසිම වැඩක් කරන්නෙ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන් ඒකට හේතුව වෙන්නෙ මං හිතන්නෙ අපි අපේ මාධ්‍ය සහ අපේ දේශපාලන අධිකාරියේ අපි කරන කමියුනිකේෂන් එක, ඒ කියන්නෙ මිනිස්සුන්ට සහ සමාජයට අපි කොහොමද මේ මැසේජ් එක, අපි කරන වැඩ පිළිබඳව යන කතිකාව අපි කොහොමද – ගම්මානය ඇතුළෙ කතාවුණාට – මේක එළියෙ රටක් හැටියට ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නය මේක මේ ආණ්ඩුවක් වශයෙන් ෆේල් කියන්න සහ මේ චෝදනා එල්ල වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රෝහිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පඬුවස්නුවර, නල්ලුර ප්‍රදේශයේ පවුල් 350කට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියකට පසුගිය 7 වනදා මුල්ගල් තැබීමෙන් අනතුරුව උත්සව සභාව අමතමිනි. මෙම ව්‍යාපෘතිය ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන්නකි.

පසුගිය කාලය පුරාවටම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙවැනි විවිධාකාරයේ සමාජ සේවා කටයුතුවලට රෝහිත රාජපක්ෂ මහතා දිගටම සහභාගී වනු දැකගත හැකිවූ අතර දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට කටකතා පැතිර යමින් පවතින්නේ ඒ මහතා වයඹ පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවටය.

කෙසේවෙතත් යෝෂිත රාජපක්ෂ මහතා ද බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට නියමිත බවට මීට පෙර ආසන්න දිනවල කටකතාවක් පැතිර ගිය නමුත් ඒ මහතා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56