බිරිඳගේ අනියම් සැමියා නැසූ හමුදා නිලධාරියා වසර 06කට පසු කොටු

ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ දී බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කිරීමේ චෝදනාවට වසර හයකට ආසන්න කාලයක් සැඟව සිටිය දී ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු යුද හමුදා නිලධාරියෙක් මේ මස 20 වනදා හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගත කෙරුණේ යුද හමුදා පාබල බලකායට අනුයුක්තව මීට පෙර සේවය කළ උප ලුතිනන්වරයෙක්.

මෙම පුද්ගලයා සිය බිරිඳගේ අනියම් සැමියාවන එවක 36 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් 2017 වසරේ මාර්තු 26 දින ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ බිරිඳ සමඟ ආහාර ගනිමින් සිටිය දී තියුණු පහර දී ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උප ලුතිනන්වරයා පොලිස් භාරයේ සිටිය දී පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස පලාගොස් සිටි සැකකරු කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විවිධ රැකියාවන්වල යෙදී ඇති අතර, පසුව ඔහු ඉංගිරිය, බුලත්සිංහල ප්‍රදේශවල තේ දළු මිල දී ගනිමින් කර්මාන්තශාලා වෙත අලෙවි කිරීම වැනි ව්‍යාපාරයන් සිදුකරගෙන යමින් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු තම පළමු විවාහයේ පුතුගේ අධ්‍යාපන කටයුතුවලට ද විශාල වියදමක් දරා ඇති බවත්, කිසිම අවස්ථාවක ඔහු පුතා හමුවීමට පැමිණ නොමැති බවටත් අනාවරණය වී තිබෙනවා.

රහසිගත ජීවිතයක් ගතකර ඇති සැකකරු පිළිබඳව දුරකථන විශ්ලේෂණ සහ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්.

වසර 06කට පසු සැකකරු බුලත්සිංහල,ඈගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් වෙනත් නමකින් පෙනී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14