බිරිඳගේ අනියම් පෙම නිසාවෙන් ජීවිතය නැති වූ සැමියා

බිරිඳගේ අනියම් පෙමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම අද (01) දහවල් සිදු ව ඇත්තේ බලංගොඩ – මස්සැන්න ප්‍රදේශයේ දියි.

මස්සැන්න – උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි ව සිටි කේ.එමි.චන්ද්‍ර ගුණරත්න නමැති 54 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය පවසනවා.

මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මරණකරු නොමැති අවස්ථාවල දී ඔහුගේ (මියගිය අයගේ) නිවසට පැමිණ ආපසු යමින් සිටින ආකාරය මරණකරු දැක තිබෙනවා.

පසුව මරණකරු (සැමියා) සහ අනියම් පුද්ගලයා අතර බහින්බස් වීමක් ඇති ව ඔහුට පහරදීමට මරණකරු උත්සාහ දැරීමේ දී ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20