බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවාමාරු කරගන්න මුහුණු පොතේ ගිණුම් හැදු ගුවන් සෙබළා

බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක් කළ බව කියන 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියමකර තිබෙනවා.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
 
 කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක්කර ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
මේ පිළිබඳව ලැබී තිබුණු පැමිණිලි අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා සාමාජිකයෙකු වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය.
 
මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09