බිත්තර මිල ළඟදීම පහළට

අප්‍රේල් මාසය තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා පහළ යාමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ වනවිට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේයි අලෙවි කරෙන්නේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති බවට ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රකාශ මාධ්‍යට නිකුත් කරනු ලැබුවත් සිය අමාත්‍යාංශය විසින් ගත් දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් බවත් මේ වන විටත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 සීමාව ඉක්මවා ගොස් ඇති බවත් බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය කියා සිටියා.

එමනිසා ඉදිරි කාලය තුළ දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 35ටත් වඩා අඩු වීමට ඉඩ ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16