spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිලියන 92.1ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මාස 3ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 3කින් මිල ගණන් කැඳවා තිබෙනවා.

අදාළ මිල ගණන් මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගනිමින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අදාළ බිත්තර තොගය ආනයනය කරනු ඇති.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?