spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිලියන 15ක් අද දිවයිනට

බිත්තර ආනයනයට අවසර හිමිවීමත් සමග ආනයනික බිත්තර තොගයක් අද රාත්‍රියේ මෙරටට ළගාවන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව බිත්තර මිලියන 15ක් අද දිවයිනට ළගාවීමට නියමිතයි. එම බිත්තර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

බිත්තර මිලියන 10ක් හෙට (18) දිනයේ ද සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?