ඉන්දියාවෙන් බිත්තර ආනයනය මඟ නතරවෙන හැඩක්

බිත්තර ආනයනය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්ත්වයක් උදාවී ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉන්දියාවේ කුරුළු උණ පැතිර පවතින බැවින් එරටින් බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

බිත්තර ආනයනය කිරීම සඳහා රජය විසින් තීරණය කිරීමත් සමඟ සිදුකළ ටෙන්ඩර් කැඳවීමේ දී ඒ සඳහා ඉදිරිපත් වූ සැපයුම්කරුවන්ගෙන් 90% ක්ම ඉන්දීය සැපයුම්කරුවන් බව සඳහන්.

බිත්තර ආනයනය කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති වුව ද කුරුළු උණ වසංගතය හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40