බිත්තර ආනයනයට අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ, වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවනු පරිදි මෙලෙස බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලසීමාව තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

එලෙස ආනයනය කළ බිත්තර සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් මඟින් පාරිභෝගිකයින් වෙත සහනදායි මිලකට අලෙවි කිරීමටයි කටයුතු කළේ.

මේ අතර 2024-03-18 දින අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙනවා.

ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37ක මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදාහැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 වන දිනෙන් අවසන් වුණා.

එවන් පසුබිමක පසුගිය සති කිහිපය තුළ යළිත් වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාමක් පෙන්නු කළා.

බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබා ගැනීම හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කළේ.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් විස්සක පමණ මුදලක් බවයි බිත්තර වෙළෙඳ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර එම චෝදනාවෙන් පසු බිත්තරයක් පසුගිය 22 වනදා සිට සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියා.

කෙසේ වෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට ආනයනය කිරීමට වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40