spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තරවලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තරවල උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමගින් ප්‍රකාශ කර ඇත්තේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවයි.

පාරිභෝගික අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි එහි සභාපතිවරයා කියාසිටියේ.

පසුගියදා කෝප් කමිටුවේ දී ද බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට චෝදනා එල්ල වුණා. ඔවුන් සිය දැක්මට අනුව කටයුතු නොකරන බවටයි කෝප් කමිටුවේ අදහස වී තිබුණේ.

බිත්තර මිල පාලනය පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර වෙළඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් දින 5ක් ඇතුලත බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සඳහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?