බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

බිංගිරිය, ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අත්අඩංගුවට ගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය සහිත ලොරි රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාරදී ඇති බවයි.

විලත්තව පොලිස් මාර්ග බාධකයේදී අදාළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය පිළිබඳ එම මාර්ග බාධකයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට සැක මතුවී තිබුණා.

අනතුරුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ සහ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි එම මාර්ග බාධකයේ සේවය කළ සැරයන්වරයෙකු විසින් ලොරි රථය පරීක්ෂා කර තිබෙනවා.

එහි රහසිගත කුටියක සඟවා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇසුරූ ප්ලාස්ටික් බට 89ක්, අඩි 80 බැගින් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 900ක් ඇසුරූ පෙට්ටි 09ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එම ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පළමුව ප්‍රකාශ කර ඇත්තේ අදාළ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹ දක්වා රැගෙන යන බවයි.

ඉන් අනතුරුව සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කුරුණෑගල සිට මන්නාරම දක්වා ඒවා රැගෙන යන බවයි.

ඔවුන්ගෙන් එක් සැකකරුවෙකු මීට පෙර ද පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණවී තිබෙනවා.

අධිබලැති පුපුරණද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකිරීම සඳහා ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව බිංගිරිය පොලිසිය තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බව හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත මර්දන ඒකකය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.

සැකකරුවන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන් ද යන්න මෙන්ම ඔවුන් ඒවා රැගෙන ගියේ කුමන අරමුණකින් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

අවුරුදු 33 සහ 34 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ වාහනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කරනු ලබන අතර එහි වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙතට ද යොමු කිරීමට නියමිත බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30