බෑණාගෙන් පහර කෑ මාමණ්ඩිය මිය ගිහින්

බෑණා විසින් උදැල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් සිදම්බරම්පුරම්, මුරුගනූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාමණ්ඩිය සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකාර බෑණා ඊයේ (06) මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ආරවුල දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑණා උදැල්ලකින් සහ ඔහුගේ මිතුරෙකුට අයත් ආරක්ෂිත හිස් වැසුමකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ 45 හැවිරිදි වියේ පසු වූ මාමණ්ඩිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බෑණා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනා 22 හා 24 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරම්පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14