spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් පිළිගන්න ඉන්දියාව නොයිවසිල්ලෙන්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඉන්දීය රජය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණීමට නියමිත බවය.

ඔහු පිළිගැනීම සඳහා මහත් උනන්දුවෙන් බලා සිටින බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරිම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පසුගිය සතියේදී දුරකතන සාකච්ඡාවක් ද පැවති අතර එහිදී මෙම සංචාරය සම්බන්ධයෙන් මූලික එකඟතා ඇති වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?