spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් වොෂින්ටනය වෙත ?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි.

මෙම සාකච්ඡා සඳහා සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සැකසූ ආර්ථිකමය යෝජනාවලිය ද රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමරිකාවේ , වොෂින්ටන් ඩී.සී. වෙත යාමට සූදානම් බව ද වාර්තා වනවා.

ඒ අනුව මෙරට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති ඩොලර් අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් අයි.එම්.එෆ් සංවිධානය දැනුවත් කරමින්, රට යළි ආර්‍ර්ථිකමය සුරක්ෂිතතාවක් වෙනුවෙන් රැගෙන යාම මෙම සාකච්ඡාවේ දී ප්‍රධානතම අරමුණයි.

විවිධ අවස්ථාවලදී පක්ෂ විපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් ද සඳහන් කළේ, මෙරට ආර්ථිකය යළි පුනර්ජීවනය කිරීමට නම් නියත වශයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ පිහිට සහ උපදෙස් ලබාගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?