spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් මන්ත්‍රී වෙන්නත් පෙර අද ඇමතිවරයෙක් වෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටයි. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවනවා. 

මේ අතර තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා වූ රජයේ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවයි එහි සදහන් කර තිබුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. බොහෝ දුරට මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ඔහුට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?