බැසිල් ගේ හොඳ ඇමති විමල් කියයි

යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නොපෙනෙන ඉමක් දක්වා ඇමෙරිකානු සමාගමට හිමිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට කොළඹ පැවැති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර සිටි ඇමතිවරයා,

“ වසංගතය නිසා අමාත්‍ය මණ්ඩල පැවැත්වූයේ ඔන්ලයින් හරහායි. කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක ඇමති මණ්ඩලයට සන්දේශ ලැබෙන්න ඕන. ඇමති මණ්ඩලය තම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි සම්මත කර ගන්නේ. ඊට අපි හැමෝම වගකියනවා.

නමුත් නිව් ප්‍රෝට්රේස් සමාගමට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, බොරුවට අවුරුදු කියන්න එපා අවුරුදු පහක් කියලා. අනාගතයේ නොපෙනන ඉමක් දක්වා ගැස් සැපයිම භාර දෙන්නේ ඔය ඇමෙරිකානු සමාගමට. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද?

අපි ඔන්ලයින් ඉන්නවා. සියලු අපි දන්න කැබිනට් පත්‍රිකා කතා කරලා ඉවර කරනවා. වෙනත් කරුණු කියල එකක් එනවා. ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ‘ලේකම්තුමා මමත් අද එකක් ගෙනාවා ඒක නැත්ද?’ කියලා.

කැබිනට් ලේකම් කියනවා ‘ගරු ඇමතිතුමා ඒක මට ආවේ මම වාඩිවුණාට පස්සේ මට ඒක කියව ගන්නත් බැරිවුණා කියලා. ඔබතුමා පැහැදිලි කරන්න’ කියනවා.

සාමාන්‍ය යෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම්තුමා. කැබිනට් ලේකම් කියනවා ‘මම මෙතන වාඩි වුණාට පස්සේ ඕක ආවේ. මට කියව ගන්නත් බැරිවුණා. දන්නේ ඔබතුමානේ ඔබතුමාම ඕක කියවන්න’ කියනවා.

මම ඇමතිමණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියත් මම එහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුණා.

ඊට පස්සේ උදය ගම්මන්පිල මැතිතුමා අපි මොකද වුණේ කියලා හිතන කොට කැබිනට් මිනිස්ට් ඇවිත් තියෙනවා අහවල් කැබිනට් පත්‍රිකාවට ඇමතිතුමා දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවලට පසුව මේ මේ තීරණවලට එකඟවිය කියලා.

මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ.

හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.

මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නේ විශ්වාස කළේ. වෙන අයට කොල්ල කන්න නෙමෙයි.

විදුලි බල මණ්ඩලයෙන් දාපු ඩෙන්ඩරය මොකද්ද? ඩලස් ඇමතිතුමාට විදුලි බලයත් නැතිවුණා මම දන්නේ නෑ මේක හේතු වුණාද කියලා. එහෙමත් හිතෙනවා. ඒ අය දෙනවා ටෙන්ඩරය. ගබඩා නැව එක ටෙන්ඩරයක්. නල පද්ධතිය එළීම තව ටෙන්ඩරයක්. ගෑස් සැපයීම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ.

විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කරලා කලින් කලට විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේ එල්.එන්.ජී. ගන්නවා. දැන් ගාණ තිරණය කරලා ඉවරයි. අපි පාවිච්චි කළත් නොකළත්, අපි හිතමු වැස්ස හොඳට තිබ්බොත් එල්.එන්.ජී. පාවිච්චිය අඩුවෙනවා. පාවිච්චි කළත් නොකළත් නියමිත එල්.එන්.ජී. ප්‍රමාණය අපි මිලදී ගන්න ඕන.

ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබිමෙන් ලංකාව අභ්‍යන්තරයේ දේශපාලනයේ කේවල් කිරීමේ බලය ඇමෙරිකාවට ලැබෙනවා. මේක අනාගතය පාවදීමක්. බිල්ලට දීමක්.

අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ. තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න එනවා.

අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපිට ඕන නෑ විරුද්ධ පක්ෂයේ දේශපාල නන්නත්තාර වෙලා ඉන්න අයට ජිවය දෙන්න. අපිට ඕන ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව අරගෙන යන්න.

ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකිම අපි අතහරින්නේ නෑ. අපි අපේ හඩ ඉදිරියටම කරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි මහජන මන්ත්‍රණ සභාව ආරම්භ කළේ. ඉතිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කළ යුතුයි. එය නතර කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුළේ සිට හෝ ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි යුතුකම ඉටුකරනවා.

අපේ ආණ්ඩුව වැරැද්දක් කරන කොට සද්ධ නැතිව ඉන්න ඕනද? වැරැද්ද කවුරු කළත් වැරැද්ද. අපි ගැන තිබ්බේ නිර්මල විශ්වාසයක්. එහෙම එකක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවලින් මේ වගේ දේවල් තීන්දු වෙන්න නෙමෙයි.”

විඩියෝ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 5ක් එකිනෙක වැදී සිදුවූ අනතුරේ ඔබ නොදුටු නවතම දර්ශන
02:03
Video thumbnail
නුවරට යන්න බස් නැතුව මහපාරේ අසරණ වුණ මිනිස්සු - වැඩ කරලා සති අන්තයේ ගෙදර යන්න ඉන්න මිනිස්සු
01:59
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර - මෙන්න උදෑසන තත්ත්වය
00:55
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00