spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංගලෝරයට සහ රාජස්ථානයට IPL පිටියේ තීරණාත්මක තරගය අද

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දෙවන සුදුසුකම් ලැබීමේ තරගය අද (27) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අහමදාබාද් හිදී මෙම තරගය පැවැත්වෙනවා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 29 වනදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර මේ වන විටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා අවසන්.

අද තරගය දඟ පන්දු යවන්නන් වන බැංගලෝර් කණ්ඩායමේ වනිඳු හසරංගගේ සහ රාජස්ථාන් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් අතර තරගයක් වනු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ.

ඒ මේ වනවිටත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවීමට දෙදෙනා අතර සීතල යුද්ධයක් ආරම්භ වී තිබීම හේතුවෙන්.

වනිඳු මේ වනවිට තරග 15කට ක්‍රීඩා කරමින් කඩුලු 25ක් බිඳ හෙළා ඇති අතර චාහල් තරග 15කට ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

ඒ අනුව මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස රාජස්ථාන් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් පෙරමුණේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?