බැංගලෝරයට සහ රාජස්ථානයට IPL පිටියේ තීරණාත්මක තරගය අද

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දෙවන සුදුසුකම් ලැබීමේ තරගය අද (27) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අහමදාබාද් හිදී මෙම තරගය පැවැත්වෙනවා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 29 වනදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර මේ වන විටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා අවසන්.

අද තරගය දඟ පන්දු යවන්නන් වන බැංගලෝර් කණ්ඩායමේ වනිඳු හසරංගගේ සහ රාජස්ථාන් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් අතර තරගයක් වනු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ.

ඒ මේ වනවිටත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවීමට දෙදෙනා අතර සීතල යුද්ධයක් ආරම්භ වී තිබීම හේතුවෙන්.

වනිඳු මේ වනවිට තරග 15කට ක්‍රීඩා කරමින් කඩුලු 25ක් බිඳ හෙළා ඇති අතර චාහල් තරග 15කට ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

ඒ අනුව මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස රාජස්ථාන් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් පෙරමුණේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11