බැංගලූරු නිවහනේදී ම හයිද්‍රාබාදයෙන් බැංගලෝරයට දැවැන්ත ප්‍රහාරයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා පොත් අලුත් කළ තරගයක් ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම් අතර පැවති මෙම තරගය තියුණු සටනකින් පසු හයිද්‍රබාද් කණ්ඩායම ජය ගත්තා.

බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 25කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිළ අයි.පි.එල්. තරග ඉතිහාසයේ තරගයක දී කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වුණා.

මෙවර තරගාවලිය තුළ අසාර්ථකම පන්දු බලඇණිය සිටින බැංගලූරු පිළට අත දිගහැර ප්‍රහාරක් දියත් කළ හයිද්‍රාබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කළා.

එහිදී ආරම්භ පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 102ක් සහ හෙන්රිච් ක්ලාසන් ලකුණු 67ක් රැස්කරමින් හයිද්‍රබාද් ඉනිම ඉහළට ඔසවා තැබුවා.

මෙම තරගයේ දී හයිද්‍රාබාද් කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර එය අයි.පි.එල්. තරගයක ඉනිමක දී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් හයිද්‍රබාද් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු බැංගලූරු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 262ක් පමණයි.

බැංගලූරු පිළ ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62ක් සහ දිනේෂ් කාර්තික් වේගවත් ලකුණු 83ක් රැස් කළා.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 25කින් ජය ගන්නට හයිද්‍රබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය පුරා හයේ පහර 38ක් වාර්තා වූ අතර, ඕනෑම පන්දුවාර විස්සයි විස්ස තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම විස්සයි විස්ස තරගයක දී ඉනිමේ දෙක තුළ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙම තරගයේ දී වාර්තා වූ අතර එහිදී හයිද්‍රබාද් කණ්ඩායම ලකුණු 287ක් සහ බැංගලූරු කණ්ඩායම ලකුණු 262ක් රැස්කරමින් සමස්ත ලකුණු 549ක් වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14