spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංගලූරු නිවහනේදී ම හයිද්‍රබාදයෙන් බැංගලෝරයට දැවැන්ත ප්‍රහාරයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා පොත් අලුත් කර තරගයක් ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා.

සන්රයිසස් හයිද්‍රබාද් සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම් අතර පවතී මෙම තරගය තියුණු සටනකින් පසු හයිද්‍රබාද් කණ්ඩායම ජය ගත්තා.

බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රබාද් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 25කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් පිළ අයි.පි.එල්. තරග ඉතිහාසයේ තරගයක දී කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වුණා.

මෙවර තරගාවලිය තුළ අසාර්ථකම පන්දු බලඇණිය සිටින බැංගලූරු පිළට ඇත දිගහැර ප්‍රහාරක් දියත් කළ හයිද්‍රබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කළා.

එහිදී ආරම්භ පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 102ක් සහ හෙන්රිච් ක්ලාසන් ලකුණු 67ක් රැස්කරමින් හයිද්‍රබාද් ඉනිම ඉහළට ඔසවා තැබුවා.

මෙම තරගයේ දී හයිද්‍රබාද් කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර එය අයි.පි.එල්. තරගයක ඉනිමක දී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් හයිද්‍රබාද් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු බැංගලූරු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 262ක් පමණයි.

බැංගලූරු පිළ ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62ක් සහ දිනේෂ් කාර්තික් වේගවත් ලකුණු 83ක් රැස් කළා.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 25කින් ජය ගන්නට හයිද්‍රබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?