බැංකොක් නුවර අවන්හලක ගින්නක් – 27ක් මරුට, තවත් පිරිසක් අතුරුදන්

බැංකොක් නුවර අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27දෙනෙකු මියගොස් ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අවගන්හල බැංකොක්හි චතුචක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය එම ප්‍රදේශයේ ජනප්‍රිය අවන්හලක් මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ද වනවා.

ඊයේ (12) රාත්‍රියේ ඇති වූ මෙම ගින්නෙන් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින
බවයි වාර්තා වන්නේ.

මේ අතර 60 කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇති බව තායි මාධ්‍ය ආයතනයක් වන තයිරාත් වාර්තා කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted