බැංකුවේ තැන්පත් කළ මුදල් ආපසු ලබානොදී කළ වංචාව

දෙහිවල-ගල්කිස්ස විවිධ සේවා සමුපකාර ග්‍රාමීය බැංකුවට අයත් කරගම්පිටිය, අත්තිඩිය, ගල්කිස්ස, රත්මලාන ,බෙලෙක් කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවන්හි ස්ථාවර තැන්පත් ගිණුම් වල සහ සාමාන්‍ය බැංකු ගිණුම්වල තැන්පත් කරන ලද මුදල් නැවත තැන්පත්කරුවන්ට ආපසු ලබා නොදී වංචා කිරීම හා සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි අසූ හතරක් මේ වන විට ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් මෙවැනිම වූ පැමිණිලි 20 ක් පමණ සුළු පැමිණිලි අංශයට ද ලැබී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

ඒ අනුව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයට මේ වන විට ලැබී ඇති පැමිණිලි අසූ හතරට අදාළව මුළු මුදල රුපියල් 252,331,177 ක මුදලක් වංචා කර ඇතැයි ගණන් බලා තිබේ

දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සමුපකාර ග්‍රාමීය බැංකුවේ මේ වන විට තැන්පතු දෙදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති අතර මෙම මූල්‍ය වංචාව පිළිබඳව හිටපු බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වන රුවිනි ආයාචනා විජයවික්‍රම මහත්මියට එරෙහිව මේ වන විට සෘජුව පැමිණිලි පහක් ඉදිරිපත් වී ඇතැයි
ගල්කිස්ස පොලිසිය පවසයි.

මේ වන විට බැංකු ගිණුම්වල තැන්පත් කරන ලද මුදල් ආපසු ලබා නොදී වංචා කිරීම හා සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර හිටපු බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වන රුවිනි ආයාචනා විජයවික්‍රම මහත්මියට අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කිරීමක්ද සිදු කර ඇත.

  1. මෙවැනි පල් හොරුන්ට රජකාලේ දඩුවම් දියයුතුය්. සමුපකාර සංවර්දන කොමසාරිස් නම්හො දටම සංවර්දනය වෙලා