බාල එන්නත් ගෙන්වූ වෛද්‍ය සැපයීම් අංශයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අයයි.