බාලවයස්කාර දැරියක් මුදලට විකිණූ එක් දරු පියාට 30 වසරක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

නිසියාකාරව මානසික හා පෞරුෂය වර්ධනය නොවූ බාල වයස්කාර දැරියක් රවටාගෙන රැගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන මුදලට ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ටනය කිරීම) ඇතුළු චෝදනා 03කට වරදකරු කරනු ලැබූ 37 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) බරපතළ වැඩ සහිත ව වසර 30ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

එම චෝදනා තුනට තම අධිකරණය විසින් වෙන් වෙන් ව නියම කරන ලද වසර 10 බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් කාලය එකවර එනම් වසර 10කින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියම කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා වින්දිත තරුණියට රුපියල් ලක්ෂ 450,000ක වන්දි මුදලක් ගෙවීමටත්; ඊට අමතරව රුපියල් 45000ක දඩයක් රජයට ගෙවීමටත් නියෝග කෙරුණා.

පිරිමි පුද්ගලයින්, කාන්තාවන් විශේෂයෙන් ම මෙවැනි මානසික ආබාධිත කාන්තාවන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු වන්නා සේ ම ඔවුන්ට සිය මවට හා සහෝදරියන්ට මෙන් ම බිරිඳට ගරු කරන්නා සේ ගරු කළ යුතු බවත්; එලෙස නොකර මෙයාකාරයෙන් කටයුතු කිරීම ඉතාම බරපතළ කරුණක් වන බැවින් විත්තිකරු වැනි පුද්ගලයින් නීතියෙන් නියම කර ඇති උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය පසුබට නොවන බවත් පෙන්වදෙමින් විනිසුරුවරයා එම දඬුවම් නියම කළා.

විත්තිකරුට අදාළ චෝදනාවලට වරදකරු බව තම අධිකරණය විසින් තීරණය කරන ලද බැවින් දඬුවම් නියම කිරීමට පෙර යමක් පැවසීමට ඇති දැයි අධිකරණය වින්දිත තරුණියගෙන් විමසා සිටියා.

විත්තිකරුට උපරිම දඬුවම් ලබා දී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසට එම තරුණිය මහාධිකරණයේ භාෂා පරිවර්තක දුලාලිත් තුවාන් සදාම් මහතා මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එවැනි අපරාධ සිදු කිරීමට අපේක්ෂා කරන වෙනත් පුද්ගලයින්ට ද ආදර්ශයක් ගත හැකි අයුරින් විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එවකට වයස අවුරුදු 14ක් පසුවූ එම තරුණිය කොළඹ ප්‍රදේශයේ පිහිටි දේවාලයක වාර්ෂික පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී ඇය සමග සුහද වී ඇයව මරදාන ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලකට රැගෙන ගොස් දින කිහිපයක් ම බලහත්කාරයෙන් රඳවාගෙන එලෙස විවිධ පුද්ගලයින්ට මුදලට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් විත්තිකරු විසින් ලබාදෙනු ලැබූ දූරකථනයෙන් ඒ ගැන සිය යෙහෙළියකට පවසා එම ස්ථානයෙන් ඇය පලාගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන්.

සිය සේවාදායකයා හමුවීමට පෙර එම බාලවයස්කාර තරුණිය ගණිකා වෘත්තියේ යෙදී සිටි අයෙකු බැවින් ඇය සිය කැමැත්තෙන්ම ඔහු සමග පැමිණ ඇති බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තියේ නීතිඥවරයා එම තරුණිය සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවුණු බව පෙන්වා දෙමින් විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම කරුණු දැක්වීම හා ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03