බාබර් අසාම් පාකිස්ථාන නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් එම නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්දින විස්සයි විස්ස සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඔහු ඉවත්වනු ඇති.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ලැබූ පරාජයන් හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය දුෂ්කර එකක් වුව ද එය ගැනීමට සුදුසු මොහොත මෙය බව බාබර් අසාම් ප්‍රකාශ කර තිබෙනවා.

නායකත්වයෙන් ඉවත් වුව ද එක්දින ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවලට සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරන බව ඔහු සඳහන් කළා.

බාබර් අසාම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 9කදී ලකුණු 320ක් රැස් කළා.

ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සමග නායකත්වයට පත් කරන්නේ කවුරුන් ද යන්න පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නොමැති වුව ද ෂාන් මසූඩ් නායකත්වයට පත් කරනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16