බ්‍රිතාන්‍ය අගමැති රහසේම යුග දිවියට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පෙම්වතිය වූ Carrie Symonds සමගින් වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේ පැවති රහසිගත උත්සවයක් පවත්වමින් යුග දිවියට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පවුලේ ඥාතීන් සහ සමීපතමයින් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවය පිළිබඳව අදහස් පල කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අගමැති බොරිස් ජොන්සන් 56 හැවිරිදි වියේ පසුවන අතර මනාලිය 33 වියෙහි පසුවනවා.

  1. රහසේමනම් මුලු ලෝකයම දන්නෙ කොහොමද . ? අනික එක රසසින් කරානම් මෙ ගොසිප් එකෙන් තමා ලෝකයටම යන්න ඇත්තේ , අනුන්ගෙ රහස් හොයල ගොසිප් කරන්න එපා , අනික අපිට පුකද ? එයාල බැන්දලා එයාල ආතල් ගනීවි , අපිට ආතල් එකෙක් නෙහෙනෙ