spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්ලුමැන්ඩල් නිපුණගේ ගෝලයෙක් අයිස් සමග STF අත්අඩංගුවට

බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමිව බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ සිදු කළ වැටලීමකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 05ක් සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත සැකකරු කොළඹ 15, වොස් ලේන්හි පදිංචි වයස අවුරුදු 26ක අයෙක්.

ඔහු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත්ව ඇති අතර වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු ද වන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මොහු බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු බවත් ඔහු විසින් ලබා දෙන මත්ද්‍ර‍ව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවත් හෙළිවී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?