බ්‍රිතාන්‍ය මුහුදේ නෞකා දෙකක් ගැටී දරුණු අනතුරක්

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදු සීමාවේ නෞකා දෙකක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාව ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තෙල් නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් පසු 36 දෙනෙකුගේ ජීවිත බෙර ගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එක් නැවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තවමත් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වුණේ.

එරට වේලාවෙන් සඳුදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, ජෙට් ඉන්ධන රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් සහ අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසු ගුවන් යානයක්, හෙළිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත් මුදවා ගැනීමටත් කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා.

අනතුරට ලක්වූ තෙල් නෞකාව ඇමරිකානු ධජය යටතේ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාව පෘතුගීසි ධජය යටතේ ගමන් ගත නෞකා දෙකක් බවයි වාර්තා වන්නේ.

https://twitter.com/Ceo_Branding/status/1899093840646304076


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14