අනිද්දා (බ්‍රහස්පතින්දා) සිට දිවයිනේ දිස්ත්‍රික්ක 11ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළේ මෙම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක වන බවයි.
මෙම මාසය ගත වූ දින කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 13,293ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඒ අනුව මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ
එමෙන්ම ඩෙංගු මරණ 47ක් ද මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ වාර්තා වනවා.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1













