බ්‍රසීලයේ හෙළිකොප්ටර් යානා 02ක් ගැටී දරුණු අනතුරක් – ජනප්‍රිය ගායක ඔලිවර් ට්‍රීට දිවි අහිමිවෙයි

බ්‍රසීලයේ හෙළිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් සිදුවූ මෙම අනතුරින් ඇමරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකුමියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් ඉරිදා උදෑසන සිදුවූ අනතුරට හේතුව පිළිබඳව නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

ඔලිවර් ට්‍රී ට අමතරව බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් මෙන්ම හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනා ද මෙම අනතුරින් මියගොස් ඇති බවයි වාර්තා වුන්නේ.

අනතුරට ලක් වූ එක් හෙළිකොප්ටර් යානයක් තුළ පස්දෙනෙකු සිට ඇති අතර, අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇතැයි වාර්තා වනවා,

අනතුරින් පසු එක් යානයක් රියෝ ද ජැනයිරෝ හී මෝටර් රථ අලෙවිසැලකට කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් අලෙවිසැලේ තිබූ රථවාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04