බ්‍රසීලයේ දකුණුදිග ප්‍රදේශයකදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 21 දෙනෙකට දිවි අහිමි කරමින් මරාක අනතුරක් සිදුව තිබෙනවා.
එමෙන්ම එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනෙක් ද මේ වන විට තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
දකුණුදිග ප්‍රාන්තයක් වන පරනා (Paraná) හි මහා මාර්ගයක, එරට වේලාවෙන් අලුයම 04.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ මෙම කුඩා බස් රථය, රෝගීන් පිරිසක් වෛද්‍ය හමුවීම් සඳහා රැගෙන යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.













