බ්‍රවුන්ස් සමාගමෙන් වෙළෙඳපොළට එන නවතම ට්‍රැක්ටරය සහ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය

දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අතිනවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය දේශීය වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම විශේෂ යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදු කෙරුණා.

ඒ සඳහා බ්‍රවුන්ස් සමූහය හා LOLC සමූහය නියෝජනය කරමින් බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක, බ්‍රවුන්ස් ඇග්‍රිසොලූෂන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශාමල් අබේසිංහ, Tractor and Farm Equipment Limited, India නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අපනයන) සජී වර්ගීස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශය) නියාස් අහමඩ් සහ ව්‍යාපාර සංවර්ධන සහ මෙහෙයුම් අංශයේ අංශ ප්‍රධානී අනුරාධ නන්දසිරි යන මහත්වරුන් එක් වුණා.

ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වසර 150කට අධික කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන බ්‍රවුන්ස් සමූහයට අයත් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් හඳුන්වාදෙන නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය ශ්‍රී ලාංකීය කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ නවයුගයක ඇරඹුම සනිටුහන් කරන අද්විතීය නිෂ්පාදනයන් ලෙස කැපී පෙනෙනවා.

බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් හඳුන්වාදෙන නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවේ දී බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්;

වසර 150 ක් පරම්පරා කිහිපයක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාවගේ වෙනස්වෙන අවශ්‍යතා හඳුනාගනිමින් අනර්ඝ නිෂ්පාදන හා සේවා සමීප කළ කීර්තිමත් විශ්වසනීය ඉතිහාසයක් බ්‍රවුන්ස් නාමය හා බැඳී පවතිනවා. ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් පළමු රෝද හතරේ ට්‍රැක්ටරය වන මැසී ෆර්ගසන් (Massey Ferguson) ට්‍රැක්ටරය හඳුන්වාදීමේ සිට ලොව අද්විතීයම තාක්ෂණය අපේ රටට රැගෙන එමින් ශ්‍රී ලාංකීය කෘෂිකමාන්තයේ විප්ලවීය පිබිදීමක් ඇතිකිරීමට අපට හැකිව තිබෙනවා. බ්‍රවුන්ස් කෘෂි අංශයේ අරමුණ අපේ රටේ ගොවිජනතාව මුහුණදෙන අභියෝගවලට විසඳුම් සලසන නූතන කෘෂි තාක්ෂණික නවෝත්පාදන හඳුන්වාදීමයි. සාම්ප්‍රදායික භාවිතාවන්ගේ ඇති සීමාවන් නිසා කෘෂිකර්මාන්තය කෙරෙහි අලුත් පරම්පරාව ආකර්ෂණය නොවන පසුබිමක නූතන තාක්ෂණික මෙවලම් සමග පහසුවෙන් කටයුතු කරන නව කෘෂි ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට අපට හැකිව තිබෙනවා. මේ නවතම හඳුන්වාදීම් වාගේම ඉදිරියේදීත් හොඳම දේ අපේ රටට රැගෙන එමින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවා අපේ ගොවි ජනතාවගේ අතමිට සරු කරමින් ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා රැගෙන යන්න අප කැපවෙනවා.” යනුවෙන්.

නවතම ටැෆේ ඩයිනා ට්‍රැක්ට්‍රැක්ටරය වෙනත් ට්‍රැක්ටර් හා සැසඳීමේදී වැඩි බලයක් සහිත Simpsons එන්ජිමකින් සමන්විත නිසා වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියාකරනු ලබන්නේ වැඩි ඉන්ධන ඉතිරියක් සිදු කරමින් වැඩි ලාබයක් ගොවියාට හිමිකරදෙමින්.

12 × 12 ගියර් පද්ධතියක් සහිත ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය ඕනෑම ගියරයක ඉදිරිපසට සහ පසුපසට ක්ෂණිකව ගමන්කිරීමේ වැඩි පහසුවක් සලසන super shuttle lever තාක්ෂණයේ ලීවරය වැඩි කාර්යක්ෂමතාවයක් එක්කොට තිබෙනවා.

ටොන් 2කට වැඩි බර එසවීමේ හැකියාවක් සහිත Dyna Lift hydraulics බලය, වෙහෙස මහන්සියකින් තොරව ක්‍රියාකරවීමේ බලය ලබාදෙන dual-diaphragm ක්ලච් පද්ධතිය, ඕනෑම කාර්යයක් සිදු කිරීමේ දී ඇතුළත කොටස්වලට වැඩි ආරක්ෂාවක් සලසන ultra-planetary drive, ළඟ හැරවීමේ පහසුව හා දීර්ඝකාලීන කල්පැවැත්ම ලබාදෙන සීල්කරන ලද portal-type front axle සහ Quadra PTO System පහසුකම ඕනෑම ආකාරයක කෘෂිකාර්මික කටයුත්තක් පහසුකරගැනීමෙහිලා උපකාරී වනවා.

ලංකාවේ දැනට ගෙන්වන වී කෙටිමේ යන්ත්‍ර අතුරින් ටයිමින් බෙල්ට් එකක් හා අඟල් 7 හෙඩ් පද්ධතියකින් යුතු එළිවෙටර් දෙකේ එකම යන්ත්‍රය වන බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය සාමාන්‍ය සහල් නිෂ්පාදන යන්ත්‍රයකට වඩා 40%ක විදුලිය ඉතිරිකරමින් 40%කින් නඩත්තු වියදම අඩු කරනවා.

බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය තනි පුද්ගලයෙකුට වුව ද පහසුවෙන් ක්‍රියාකරවිය හැකි වනු ඇති.

භාවිත කරන්නාගේ පහසුව වෙනුවෙන් ලැප්ටොප් හෝ ජංගම දුරකතනයකට සම්බන්ධ කිරීම හරහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරන්තරයෙන් තත්ත්ව වාර්තා ලබාදීමේ හැකියාව සහිතව බ්‍රවුන්ස් IT සැලසුම්කරණයෙන් බලගන්වා ඇති එකම වී කෙටීමේ යන්ත්‍රය බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වන බවයි සඳහන් වන්නේ.

වැඩිදියුණු කරන ලද 18.5 kW පොලිෂරය සහිත උසස් ගුණයෙන් යුත් සහල්, සුනු සහල් වෙන් කිරීමේ පද්ධතියක් සමග පැයට වී කිලෝ 1000ක් පහසුවෙන් සහල් බවට පත්කිරීමේ හැකියාව සහිත බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වීවල ඇති ගොයම් ගස්, රොඩු, වීපල්, ගල් කැබලි, බොල්වී, බජිරි සහ දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත්කරමින් සාමාන්‍ය සහල් නිෂ්පාදන යන්ත්‍රයකින් ලබාදෙන සහල්වලට වඩා ඉතා උසස් තත්වයකින් සහ ගුණාත්මක බවින් යුත් සුපිරිසිදු සහල් ලබාදෙනු ලබනවා.

වර්ෂ 1875 දී අරඹා පරම්පරාගත විශ්වාසය දිනූ බ්‍රවුන්ස් සන්නාමය පෙරටු කරගනිමින් නිර්මාණය වී ඇති බ්‍රවුන්ස් සමූහය රථවාහන, බලශක්ති උත්පාදනය, කෘෂි හා වැවිලි කර්මාන්තය, වෛද්‍ය උපකරණ හා සේවා, ආයෝජන ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නාවික කටයුතු, සංචාරක හෝටල් හා සත්කාරක සේවා කටයුතු ක්ෂේත්‍රය මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රය ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහ අතර ප්‍රමුඛත්වයේ පසුවන විශිෂ්ට සමාගමක් ලෙසයි ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58