බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා.

මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් පැමිණෙමින් සිටි යාත්‍රාවක මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුවයි නාවික හමුදාව මුහුද මැදදී එය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බේරුවල ධීවර වරායට මුහුදු සැතපුම් 80ක් දුරින් සැක කටයුතු බහුදින යාත්‍රාවක මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව එම බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන බේරුවල ධීවර වරායට අයත් චීන වරාය ජැටියට රැගෙනවිත් දැඩි සෝදිසියට ලක් කර තිබෙනවා.

එහි සිටි ධීවරයන් පස් දෙනා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් පැමිණෙමින් සිටි අය වන අතර මේ වන විට සිදුකළ පරීක්ෂාවකදී හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් එම යාත්‍රාවේ සඟවා තිබී ඇති බවටයි.

කෙසේවෙතත් හමුවී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

මෙම යාත්‍රාව තවදුරටත් පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන අතර නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන් විමර්ශන සිදු කරනවා.