බහුතරය පෙන්වා ආණ්ඩුව හදන්න පාකිස්ථානයේ පක්ෂ දේශපාලන වෙළඳාමක

පසුගියදා අවසන් වූ පකිස්ථාන මහ මැතිවරණයට ස්වාධීනව තරඟ කළ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් ආසන 101ක් දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ආසන සංඛ්‍යාව එරට ආණ්ඩු බලය පිහිටුවීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ.

කිසියම් පක්ෂයක් පකිස්ථානයේ ආණ්ඩු බලය පිහිටුවනවා නම් පාර්ලිමේන්තුවේ ජයගත යුතු ආසන 133 සීමාව පසු කිරීම අනිවාර්ය වනවා.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ නවාස් ෂරීෆ්ට ද බහුතර ආසන සංඛ්‍යාවක් ජයගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව පක්ෂ තම බහුතරය ඔප්පු කිරීම සඳහා සන්ධාන ගතවීමට සකච්ඡා අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තත්ත්වය මත පකිස්ථානයේ අනාගතය දේශපාලන වෙළඳාම මත රඳා පවතින බවයි දේශපාලන විශේෂඥයින් පවසන්නේ.

මේ අතර නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝ සර්දාරි යන දෙදෙනාගේ පක්ෂ සන්ධාන සාකච්ඡා ආරම්භ කර ඇතත්, ඔවුන්ගේ ඒකාබද්ධ ශක්තියෙන් වුව ද ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව නොලැබී යනවා.

ඒ, එම දෙපාර්ශ්වයට ද තවත් ආසන 06ක අඩුවක් පැවතීම හේතුවෙන්.

නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය ආසන 73ක් ජයගෙන ඇති අතර, බිලාවල් භූතෝගේ පකිස්ථාන මහජන පක්ෂය ආසන 54ක් දිනාගෙන සිටිනවා.

දැනටමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරමින් සිටින රටක ස්ථාවර රජයක් බිහිවිය හැකිද යන්න ජාතිය සමීපව බලා සිටින බැවින්, ඉදිරි දින පාකිස්ථානයට තීරණාත්මක දින කිහිපයක් වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56