spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බහුතරය පෙන්වා ආණ්ඩුව හදන්න පාකිස්ථානයේ පක්ෂ දේශපාලන වෙළඳාමක

පසුගියදා අවසන් වූ පකිස්ථාන මහ මැතිවරණයට ස්වාධීනව තරඟ කළ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් ආසන 101ක් දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ආසන සංඛ්‍යාව එරට ආණ්ඩු බලය පිහිටුවීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ.

කිසියම් පක්ෂයක් පකිස්ථානයේ ආණ්ඩු බලය පිහිටුවනවා නම් පාර්ලිමේන්තුවේ ජයගත යුතු ආසන 133 සීමාව පසු කිරීම අනිවාර්ය වනවා.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ නවාස් ෂරීෆ්ට ද බහුතර ආසන සංඛ්‍යාවක් ජයගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව පක්ෂ තම බහුතරය ඔප්පු කිරීම සඳහා සන්ධාන ගතවීමට සකච්ඡා අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තත්ත්වය මත පකිස්ථානයේ අනාගතය දේශපාලන වෙළඳාම මත රඳා පවතින බවයි දේශපාලන විශේෂඥයින් පවසන්නේ.

මේ අතර නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝ සර්දාරි යන දෙදෙනාගේ පක්ෂ සන්ධාන සාකච්ඡා ආරම්භ කර ඇතත්, ඔවුන්ගේ ඒකාබද්ධ ශක්තියෙන් වුව ද ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව නොලැබී යනවා.

ඒ, එම දෙපාර්ශ්වයට ද තවත් ආසන 06ක අඩුවක් පැවතීම හේතුවෙන්.

නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය ආසන 73ක් ජයගෙන ඇති අතර, බිලාවල් භූතෝගේ පකිස්ථාන මහජන පක්ෂය ආසන 54ක් දිනාගෙන සිටිනවා.

දැනටමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරමින් සිටින රටක ස්ථාවර රජයක් බිහිවිය හැකිද යන්න ජාතිය සමීපව බලා සිටින බැවින්, ඉදිරි දින පාකිස්ථානයට තීරණාත්මක දින කිහිපයක් වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?