බහින් බස්වීමක් දුරදිග ගිහින් පිරිසක් පුද්ගලයෙක් ඝාතනය කරලා

මාවතගම පොලිස් වසමේ වෑඋඩ වතුයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොල්ලකින් හා තියුණු ආයුධකින් පහර දී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව ඔහුව මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 45ක වතුයාය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ නිවසට ආසන්නයේ පිරිසක් එක්ව ඊයේ (14) රාත්‍රියේ වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීමට යාමේ දී මරණකරු එය වැළැක්වීම සඳහා තම පුත්‍රයා ද සමඟ ගොස් තිබෙනවා.

එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පිරිස අතර සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30