බහාලුමක සැඟ වී මැලේසියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැට වූ හිස් බහාලුමක සැඟ වී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් චීනයේ දී අත්අඩංගුවට පත්ව අද (24) දින මෙරටට පිටුවහල් කර තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙලෙස පිටුවහල්කර ඇත්තේ වසරක කාලයක් චීන අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුවයි.

ඔවුන් අද (24) අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරණ ගුවන් යානයෙන් මෙරටට ඒවා තිබුණා.

මෙලෙස පිටුවහල්කර තිබුණේ 26 හැවිරිදි මලාල් මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නැමැති දෙදෙනෙක්.

මොවුන් පසුගිය 2023 වසරේ ජනවාරි 30 දින මැලේසියාව බලා යෑමට කොළඹ වරායේ සී.අයි.සී.ටී.ජැටියේ නවතා තිබූ ” මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී තිබෙනවා.

අදාළ නෞකාව මැලේසියාවට පැමිණිමෙන් පසු බහාලුම තුළ සැගවී සිටි මොවුන් දෙදෙනා භාරගැනීම මැලේසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නැවේ නාවුක බලධාරීන් මොවුන් රැගෙන තවත් රටවල් කිහිපයකටම ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අවසානයේ නෞකාව චීනය වෙත පැමිණිමෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ කිරුලපන පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21