spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බහාලුමක සැඟ වී මැලේසියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැට වූ හිස් බහාලුමක සැඟ වී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් චීනයේ දී අත්අඩංගුවට පත්ව අද (24) දින මෙරටට පිටුවහල් කර තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙලෙස පිටුවහල්කර ඇත්තේ වසරක කාලයක් චීන අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුවයි.

ඔවුන් අද (24) අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරණ ගුවන් යානයෙන් මෙරටට ඒවා තිබුණා.

මෙලෙස පිටුවහල්කර තිබුණේ 26 හැවිරිදි මලාල් මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නැමැති දෙදෙනෙක්.

මොවුන් පසුගිය 2023 වසරේ ජනවාරි 30 දින මැලේසියාව බලා යෑමට කොළඹ වරායේ සී.අයි.සී.ටී.ජැටියේ නවතා තිබූ ” මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී තිබෙනවා.

අදාළ නෞකාව මැලේසියාවට පැමිණිමෙන් පසු බහාලුම තුළ සැගවී සිටි මොවුන් දෙදෙනා භාරගැනීම මැලේසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නැවේ නාවුක බලධාරීන් මොවුන් රැගෙන තවත් රටවල් කිහිපයකටම ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අවසානයේ නෞකාව චීනය වෙත පැමිණිමෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ කිරුලපන පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?