spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇගළුම් සේවකයින් සමඟ බස් රථයක් තවත් බසයක ගැටෙයි

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද (15)උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදීය.

බගවන්තලාව සිට වටවල දක්වා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට බගවන්තලාව දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයේ පසුපස පෞද්ගලික බස් රථය ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථ දෙකේ ගමන් මගින් කිසිවෙකුට තුවාල සිදු ව නොමැති අතර, අනතුරෙන් බස් රථ දෙකටම අලාභ හානි සිදු වි ඇති බව පොලිසිය පවසනවා.

අනතුර පිළිබඳව වැඩිදුර පරික්ෂණ නොර්වුඩ් පොලිසිය පවත්වනු ලබනවා.

bus 1
bus 2
8 4 1
1 9
3 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?