බස්රථවල තරුණියන්ට නිදි පෙති දී අමන වැඩක් කළ තරුණයෙක් අවසානයේ පොලිසියට මාට්ටු වෙයි

දුර ගමන් සේවා බස් රථවල ගමන් කරන තරුණියන් සමඟ ක්ෂණික ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නිදි පෙති මිශ්‍ර කරන ලද කිසියම් ආහාරයක් ලබාදී ඔවුන්ගේ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මීගමුව කොට්ඨාශ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ කාලයක සිට සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි සැකකරු ඊයේ (28) රාජාංගණය – වරාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් හමුවී තිබෙනවා. එමෙන්ම මොහු පුවත්පත්වල පළවන මංගල දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ද කතා කර මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවටද  හෙළිව ඇතැයි පොලිසිය කියා සිටියා.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09