බස් රථයක ගැටුණු තුන්සකේ ගිය පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයට

කින්නියා සිට තිරුමාල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරට ලක් ව තිබෙනවා.

මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සුදු වැලි ප්‍රදේශයේ දී අද (27) දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රිරෝද රථයෙහි ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා කින්නියා මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පැවසෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ කින්නියා – ඔයිලියඩි ගම්මානයේ පදිංචි පිරිසක්.

ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට යවා තිබෙනවා.

අනතුර සිදු කළ බස් රථ රියදුරු පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20