බස් රථයකින් දිනකට 2,500ක් පාඩුයි – තෙල් මිල වැඩිවුනොත් ගාස්තු වැඩිවීමත් අනිවාර්යයි

කෙටි දුර ධාවනයවන බස් රථවලින් රුපියල් එක්දාස් පන්සීයක සහ අනෙකුත් බස්රථවලින් රුපියල් දෙදාහක දෛනික පාඩුවක් විඳීමට සිදුව ඇති බව ඒකාබද්ධ බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මීළඟ ඉන්ධන මිල සංශෝධනයේ දී අනිවාර්යෙන්ම බස් ගාස්තු වැඩිවීමක් සිදුවිය යුතු බවයි.

ඉන්ධන මිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේ සිටම බස් ගාස්තු ද සංශෝධනය විය යුතු බව මෙහිදී සඳහන් කළ සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ත එසේ නොවුනහොත් එදින සිට බස් ධාවනයෙන් වැළකී සිටින බවයි සඳහන් කර සිටියේ.

ඉන්ධන මිල අඩු වුවහොත් විශාල ප්‍රතිශතයකින් බස් ගාස්තු ද පහත දැමීමට පෞද්ගලික බස් හිමියන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මගීන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා QR කේතය යොදාගෙන ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙසට ද මෙහිදී රජයට යෝජනාවක් ද ගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16