spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ඉන්දියාවේ දරුණු අනතුරක්

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි ගුලු දිස්ත්‍රික්කයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් 06 දෙනෙකු පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක පමණ පහළින් පිහිටි ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සිදුවූ වහාම ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?