spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් තිරික්කල් පෙළක ගැටී තන්තිරිමලේ අනතුරක් (ඡායාරූප)

තන්තිරිමලේ වැව් බැම්ම මත දී බස් රථයක් සහ තිරික්කල් පහක ගැටී අද (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පුද්ගලයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තිරික්කල්වල සිටි පුද්ගලයින් ගෙන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, එලෙස තුවාල ලැබූවන් අතර පිරිමි ළමයෙක් ද ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තිරික්කල්වල බැඳ සිටි ගවයින් සිව්දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?