බස් රථයක් ගඟකට පෙරළී 26 දෙනෙකු මරුට – මරණකරුවන් අතර මනාලයා හා මනාලියත්

උතුරු පාකිස්තානයේ බස් රථයක් ගඟට පෙරළීමෙන් මගීන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ඊයේ (12) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ ගිල්ගිට් – බල්ටිස්තානයේ ඩයමර් දිස්ත්‍රික්කයේ දී බවයි.

මෙම බස් රථය විවාහ මංගලෝත්සවයකට එක්වීමට යන පුද්ගලයින් රැගෙන යාමේ දී ඉන්දු ගඟට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් 26 දෙනාම ඉන්දු ගඟේ ගිලීමෙන් මරණයට පත් ව තිබෙනවා.

ඩයමර් හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂර් ඛාන් පැවසුවේ ජීබී හි ඇස්ටෝර් දිස්ත්‍රික්කයේ සිට පැමිණි බස් රථය පන්ජාබ්හි – චක්වාල් දිස්ත්‍රික්කය දෙසට ගමන් කරමින් සිටියදී රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකි ව මෙම අනතුර සිදුව ඇති බවයි.

තෙල්චි පාලම අසල දී මෙම බස් රථය ගඟට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 27 දෙනෙකු සිට ඇති බවත්; ඉන් 26 දෙනෙකු ම මරණයට පත්ව ඇති බවත් මරණකරුවන් අතර මනාලයා හා මනාලිය සහ පවුලේ සාමාජිකයින් ද සිටින බවත් වාර්තා වනවා.

ගලවාගැනීමේ නිලධාරින් විසින් ගඟෙන් මළ සිරුරු 13ක් සොයාගෙන ඇති බවත් පැවසෙනවා.

අතුරුදන් වූ ඉතිරි 12 දෙනා මියගොස් ඇතැයි අනුමාන කෙරෙනවා.

කෙසේ වෙතත්, අධික ශීතල පැවතිය ද ඔවුන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි බලධාරින් පැවසුවේ.

මියගොස් ඇත්තේ චක්වාල් ප්‍රදේශයේ පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14