spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් බස් ගැටී කොළඹ – මහනුවර පාරේ අනතුරක්

කොළඹ – මහනුවර මාර්ගයේ පස්යාල, තිත්තමල්ගොඩ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාර්ගය අසල නවතා තිබූ පුද්ගලික බස් රථයක ධාවනය වෙමින් තිබූ තවත් පුද්ගලික බස් රථයක් ගැටී අද (25) අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථය මාර්ගය අසල නවතා තිබූ අනෙක් බසයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ මගීන් 15 දෙනෙකු වතුපිටිවල සහ වරකපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නිට්ටඹුව පොලීසිය මඟින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?